Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුට බරපතළ සිර දඬුවම් – රුපියල් මිලියන 53ක රාජ්‍ය පාඩුවක් පිළිබඳ තීන්දුවක්

 මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුට බරපතළ සිර දඬුවම් – රුපියල් මිලියන 53ක රාජ්‍ය පාඩුවක් පිළිබඳ තීන්දුවක්

2015 ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදී ගනිමින් ක්‍රීඩා සංගම් වෙත බෙදාදීමේදී රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ එවකට ස.තො.ස සභාපති ලෙස කටයුතු කළ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් වරදකරු ලෙස සනාථ කළ අතර නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී; තීන්දුව ලබා දීමේදී අධිකරණයට අදාල අල්ලස් කොමිසමේ නීතිඥවරිය පැවසූවේ මෙම පුද්ගලයන් රාජ්‍ය බලතල අයුතු ලෙස භාවිත කරමින් මහජන බදු මුදල්වලින් රුපියල් මිලියන 53කට අධික මුදලක් අලාභයට ලක් කර ඇති අතර, මෙවැනි තීන්දුවක් මගින් අනාගතයේ දී ඒ ආකාරයේ වැරදි කිරීමට උත්සාහ කරන අය සඳහා පාඩමක් විය යුතුය යන අදහසය; මෙම තීන්දුව ලබාදුන්නේ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙනි.


Post a Comment

0 Comments